ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, බෞද්ධ සංගමය වාර්ෂික පිරිත් පිංකම - 2025
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලටයත්, සභාපතිතුමා, අධ්යක්ෂ ජනරාල්තුමිය ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත්, ආයෝජන මණ්ඩලයේ සේවය කොට මියගිය සේවක මහත්ම මහත්මීන්ට පුන්‍යාණුමෝදනා කිරීම හා ලක්වාසී සැමට සෙත් පැතීම අරමුණු කරගෙන පවත්වනු ලබන වාර්ෂික පිරිත් දේශනාව සහ සංඝයා වහන්සේලා 15 නමක් විෂයෙහි පිරිනැමූ උදෑසන හීල් දානමය පිංකම මෙවර හොරණ අපනයන සැකසුම් කලාපයේදී 2025 අප්‍රේල් මස 04 හා 05 යන දෙදින තුල ඉතාමත් සාර්ථකව සිදුකල බව චිත්තප්‍රීතියෙන් යුතුව ඔබ සැම වෙත මෙයින් දන්වා සිටිමු.
සීමිත සේවක පිරිසක් සිටින කලාපයක් වුවද, ඉතා කෙටි කාලයක්තුලදී සේවක මහත්ම මහත්මීන්ගේ දැඩි කැපවීම හා වෙහෙස මහන්සිය හේතුකොට ගෙන මෙම පින්කම සාර්ථකවත්, ඉතාමත් අලකාර ලෙසත් බොදු බැති සිත් පහන්වන ආකාරයෙන් සාර්ථකව නිමාවට පත් කිරීමට හැකිවිය. ඒ සඳහා ඇපකැප වී කටයුතුකල හොරණ අපනයන සැකසුම් කලාපයේ ජෙෂ්ඨ නියෝජ්‍ය අධයක්ෂ, දර්ශන වල්පිට මහතා, කලාප සංවිධායක, සකුරා පෙරේරා මහත්මිය ඇතුලු හොරණ කලාපයේ සියලුම සේවක මහත්ම මහත්මීන්ට බෞද්ධ සංගමය වෙනුවෙන් අපගේ ස්තූතිය පුදකර සිටිමු.
තවද මෙම පිංකම සාර්ථක කර ගැනීමට මුදලින්, ශ්‍රමයෙන් සහ නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම සේවක මහත්ම මහත්මීන්ටත් අනෙකුත් ආයතනවල සැමටත් බෞද්ධ සංගමයේ පුන්‍යාණුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු.
මෙම මහඟු පිංකම සදහා සහභාගි වූ ප්‍රධාන කාර්යාලයේ හා කලාපයන්හි සේවක මහත්ම මහත්මීන් හා විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන් ඇතුළු සියළු දෙනාටත්, හොරණ අපනයන සැකසුම් කලාපයේ පිහිටි සියලුම ආයතනවල ප්රධානීන්ටත්, සේවක මහත්ම මහත්මීන්ටත් බෞද්ධ සංගමයේ ස්තූතිය පුදකර සිටින අතර, මෙයින් ජනිතවන්නා වූ පිං සියලුම දෙනාට අනුමෝදන් වේවා යි යන්න බෞද්ධ සංගමය වෙනුවෙන් අප ප්‍රාර්ථනා කර සිටින්නෙමු.
තෙරුවන් සරණයි !
මෙම පිංකමේ විවිධ අවස්ථාවල ජායාරූප පහත පරිදි වේ.
2024 කඨින චීවර පූජාව හා නව භාවනා කුටිය සඟ සතු කිරීමේ පිංකම
2024 කඨින චීවර පූජාව හා නව භාවනා කුටිය සඟ සතු කිරීමේ පිංකම අනුරාධපුර, නිකලවත්ත, කටුකැලියාව ශ්‍රි කුඩා බෝධිය සසුන සේනාසනයේදී ඔක්තෝබර් මස 19 හා 20 දෙදින තුල ජූජ්‍ය බටුවන්දර අරියවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඉතාමත් සාර්ථකව නිම කල බව ඔබ සැම වෙත චිත්තප්‍රීතියෙන් යුතුව දන්වා සිටිමු.
මේ සදහා ආධාර උපකාර කරමින්, සහභාගී වෙමින්, ආශිර් වාද කරමින් හා නන් අයුරින් උදව් උපකාර කරමින් සහයෝගය දැක්වූ පින්වත් ඔබ සැමට බෞදධ සංගමයේ පුන්‍යාණුමෝදනාත්මක ස්තූතිය මෙයින් පුදකර සිටිමු.
එසේම බෞද්ධ සංගමය සමග මෙම පිංකමට දායක වෙමින් ඔබ සැම රැස් කර ගත්තා වූ විශාල කුසල සම්භාරය බෞද්ධයකුගේ පරම පැතුම වන අමාමහ නිවන, ඔබ පතනා බෝධියකින් සාක්ෂාත් කර ගැනීමට උපනිශ්‍රය වේවා, යයි අප ඉත සිතින් ප්‍රාර් ථනා කරමු !!!
තවද මෙවැනි වූ කර් තව්යන් තුලින් ඉදිරියේදී ද අප සියලු දෙනාට තව තවත් කුසල සම්භාරයන් රැස්කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර් ථනා කර සිටිමු.
මෙම පිංකමේ විවිධ අවස්ථාවල පින්තූර පහත සබැදිය (link) ඔස්සේ නැරඔිය හැකිය.
2024 කඨින චීවර පූජාවට සමගාමීව සඟසතු කිරීමට නියමිත භාවනා කුටිය
2024 කඨින චීවර පූජාව, අනුරාධපුර, නිකලවත්ත, කටුකැලියාව ශ්‍රි කුඩා බෝධිය සසුන සේනාසනයේදී ඔක්තෝබර් මස 19 හා 20 දෙදින තුල සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව ඔබ සැම වෙත චිත්තප්‍රීතියෙන් යුතුව දන්වා සිටිමු.
කඨින පිංකම නිමිති කොටගෙන, සේනාසනයේ නව භාවනා කුටියේ ඉදිකිරීම් කටයුතු සහ අනෙකුත් කුටි, බෝධිඝරය හා ධර් ම ශාලාවේ තීන්ත ආලේප කිරීම මේ වන වි නිම කර ඇත. ඔබ සැම ලබාදුන් ආධාර මුදලින් ඉදිකිරීම් කටයුතු හා සීතාවක කලාපයේ Lanmic Export (Pvt) Ltd. මගින් ලබාදුන් ෆිලර් හා තීන්ත උපයෝගී කරගනිමින් නිම කරන ලද වැඩ කටයුතු පහත සදහන් ජායාරූප වලින් ඔබට දැකගත හැකිය.
මෙම පිංකමට නන් අයුරින් උදව් උපකාර කල ඔබ සැමට බෞද්ධ සංගමයේ පුන්‍යාණුමෝදනාත්මක ස්තූතිය මෙයින් පුදකර සිටින අතර ඔබ සියලු දෙනා මෙවා දැක බලා සතුටු සිතින් පිං අනුමෝදන් කර ගනිත්වා !!!!
කඨින චීවර පූජාව- 2024
බෞද්ධ සංගමය මගින් 2024 වර්ෂයේ වස් කාලය නිමිති කොටගෙන සිදු කරනු ලබන කඨින පිංකම සදහා මෙවර අනුරාධපුර, නිකලවත්ත, කටුකැලියාව ශ්‍රි කුඩා බෝධිය සසුන සේනාසනය තෝරාගෙන ඇත. මෙහි භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ දෙනමක් වැඩවාසය කරන අතර වස් වසනුයේ ඉන් එක් ස්වාමීණ් වහණ්සේ නමකි.
ශ්‍රි කුඩා බෝධිය සසුන සේනාසනය, අනුරාධපුර පූජා නගරයේ සිට 6 km ක දුරින් හා අභයගිරි දාගැබ සිට කිලෝමීටරයක් පමණ දුරින් ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටා ඇත. අනුරාධපුර වැදපුදා ගැනීමට එහි යන සේවක මහත්ම මහත්මීන්ට බෞද්ධ සංගමය දැනුවත් කලහොත් මෙම ස්ථානය දැක බලා ගැනීමටත්, දානය පූජා කිරීමට කැමති මහත්ම මහත්මීන් වෙතොත් දානය පිලියෙල කරගෙන (මස්, මාලු හෝ බිත්තර නෙැමැතිව) හෝ වියලි ආහාර වශයෙන් පූජා කර ගැනීමට මෙන්ම ධර්ම ශ්‍රවණය සහ ධර්ම සාකච්ජා සදහා අවස්ථාව ද සලසා දිය හැකිය.
දැනට මෙම සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සදහා භාවනා කුටි 3 ක් ඉදිකර ඇති අතර ඉන් කුටි දෙකක පමණක් වැඩ නිමකර ඇත. ඉතිරි කුටියේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමේ අවශ්‍යතාවය පවතින අතර, මෙවර කඨින පිංකමට පෙර ඔබගේ ආධාර උපකාරද ඇතිව එම භාවනා කුටියේ වැඩනිමකර දීමට බෞද්ධ සංගමය බලාපොරොත්තු වේ.
(එම භාවනා කුටියේ ජායාරූප පහත පරිදි වේ.
මෙම කුටියේ නිම කිරීමට ඇති වැඩ කටයුතු පහත පරිදි වේ.
කුටියේ පිටුපසට කුඩා ජනේලයක් සවි කිරීම.
ජනෙල් පියන් 2 ක් සහ දොරවල් 3 ක් සවි කිරීම
ෆිලර් හා තීන්ත ආලේප කිරීම
වැසිකිලි වල හා කුටිය පිටුපස කොන්ක්‍රීට් කිරීම, පේමන්ට් එක කපරාරු කිරීම හා සුද මැදීම.
අවශෝෂක (Exhaust Fans) පංකා දෙකක් සවිකිරීම.
වයරින් කිරීම.
මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා වහලයට සහ ජනෙල් වලට දැල් ගැසීම
ස්වාමීන් වහන්සේගේ ප්‍රයෝජනය සදහා අවශ්‍ය ද්‍රව්‍ය
ඇදක්
මෙට්ටයක්
කොට්ටයක් හා ඇද අතිරිලි
මදුරු දැලක්
කුඩා මේසයක් (2’X2’)
පුටුවක්
පා පිස්නාවක්
කුඩා ප්‍රමාණයේ දැව ඇදුම් රැක්එකක්
මෙම කුටියේ වැඩ මෙවර කඨින පිංකමට පෙර නිම කර කඨින පිංකම දින සාසනයට පූජා කිරීම සදහා පින් කැමති ඔබට බෞද්ධ සංගමය ආරාධනා කරයි .
තවද කුඩා බෝධිය සසුන සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේ වන බටුවන්දර ආරියවංශ ස්වාමීන් වහන්සේ, මෙම ස්ථානයට පැම්ණෙන ස්වාමීන් වහන්සේලාගේ හා බැතිමතුන්ගේ පහසුව සදහා පහත සදහන් දෑ ඉදිකිරිම සුදුසු බව දැන්වූ සේක.
ස්වාමීන් වහන්සේලා සදහා තවත් භාවනා කුටි 2ක්
බැතිමතුන් සදහා නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ලක්
මෙහිදී අටමස්ථාන වන්දනා කරගෙන සිල් සමාදන් වී දින කිහිපයක් නැවතී ධර් ම ශ්‍රවණය කර බවුන් වඩා සිත් සතන් නිවා සනසාගැනීමට අවැසි පරිසරයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව සලසා ගැනීමට එක්වන මෙන් ඉල්ලා සිටිමු.
ඔබටත් මේ ආකාරයෙන් පුණ්‍ය කටයුත් සාදහා දායකවිය හැක. ඒ සදහා ඔබ කැමතිනම් මෙහි Donate Us පිටුවට පිවිසීමෙන් අපගේ බැංකු ගිණුම වෙත මුදල් ආධාර ලබාදෙන්න. වැඩි විස්තර සදහා අමතන්න 0706-612 712
වාර්ෂික පිරිත් පිංකම සහ සර්ව ආගමික වැඩසටහන - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අපනයන සැකසුම් කලාපය [වතුපිටිවල (2024)]
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති තුමා, අධ්යක්ෂ ජනරාල් තුමිය ඇතුලු සමස්ථ සේවක මණ්ඩලයට සෙත් පැතීම හා මණ්ඩලයේ සේවය කොට මියගිය සේවක මහත්ම මහත්මීන්ට පුන්‍යාණුමෝදනා කිරීම අරමුණු කරගෙන ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ වාර් ෂික පිරිත් පිංකම මුල් කරගත් සර් ව ආගමික වැඩසටහන මෙවර වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේදී 2024 ජූලි මස 12 හා 13 දෙදින තුල ඉතාමත් සාර් ථකව සිදුකල බව චිත්තප්‍රීතියෙන් යුතුව ඔබ සැම වෙත මෙයින් දන්වා සිටිමු.
සර්ව ආගමික වැඩසටහන සදහා ආගමික නායකයින් සිව් පෙලක් සහභාගී වූහ.
යටියන ජයවර්ධනාරාමයේ විහාරාධීකාරි පූජ්‍ය උනගලාවෙි සිරිනන්ද හිමි.
කතෝලික වත් පිලිවෙත් සිදුකිරීම සදහා යක්කල එමිමානුවෙල් දේවස්ථානයේ එල් කේ ඒ කමල් බුද්ධික දේවගැති තුමා
ඉස්ලාම් වත් පිලිවෙත් සිදුකිරීම සදහා කහටෝවිට මහ පල්ලියේ එමි එස් එමි ෂර්සාන් මෞලවී තුමා
හින්දු භවත් පිලිවෙත් සිදුකිරීම සදහා මුරලිඔය මුත්තුමාරිඅමිමාන් කෝවිලේ දිනේෂ් කුමාර් කුරුක්කල් තුමා
සර්ව රාත්‍රික පිරිත් දේශනාව සහ සංඝයා වහන්සේලා විෂයෙහි පිරිනැමූ උදෑසන හීල් දානමය පිංකම සදහා අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත සීනාදී සිව්කෝරලයේ ප්‍රධාන සංඝ නායක මල්වතු මහා විහාරීය උපාද්‍යාය ආචාර් ය පන්නිල ශ්‍රි ආනන්දාභිධාන ස්වාමීන් වහන්සේ ප්රමුඛ සංඝයා වහන්සේලා 15 නමක් සහභාගී වූ සේක.
වතුපිටිවල කලාපයේ ප්‍රධානී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රසාද් සිල්වා මහතා ආරාධනයෙන් මේ සදහා සහභාගී වු වතුපිටිවල කලාපයේ පිහිටි සියලුම ආයතනවල ප්රධානීන්ටත් සේවක මහත්ම මහත්මීන්ටත් පුන්‍යාණුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටින්නෙමු.
මේ සදහා ප්‍රධාන කාර්යාලයේ හා සියලු කලාපයන්හි සේවය කරන බෞද්ධ සංගමයේ, සුභසාධක සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් රැසක් හා විශ්‍රාමික සේවක මහත්ම මහත්මීන් රැසක් සහභාගී වූහ. එසේම වතුපිටිවල කලාපයේ ප්‍රධානී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රසාද් සිල්වා මහතා ඇතුලු සේවකට මහත්ම මහත්මීන්ගේ දැඩි කැපවීම හා වෙහෙස මහන්සිය හේතුකොට ගෙන පිංකම සාර්ථකව නිමාවට පත්විය. ඔබ සැමට බෞද්ධ සංගමයේ පුන්‍යාණුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටින අතර මෙයින් ජනිතවන්නා වූ පිං ඔබ සැමට හා ආයතනයට හිතකාමී ඉෂ්ඨකාමී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනන්ත සංසාරයේ පටන් ඔබ සැම නමින් මිය පරලොව යන්නට යෙදුනු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වේවා යි යන්න බෞද්ධ සංගමය වෙනුවෙන් අප ප්‍රාර්ථනා කර සිටින්නෙමු.
එහිදී ලබාගනු ලැබූ ඡයාරුප සහ වීඩියෝ දර්ශන පහත පරිදි වේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය මගින් රත්මලාන අන්ධ විද්‍යාලයේ සඳහා භාණ්ඩ සහ ආහාර පිරිනමයි.
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලීය බෞද්ධ සංගමය 2024 පොසොන් පොහොය නිමිති කරගනිමින් 2024.06.20 වන දින රත්මලාන අන්ධ, ගොලු හා බිහිරි පාසලේ 200 කට ආසන්න දරුවන් වෙනුවෙන් ආහාර හා ඔවුනට අවශ්‍ය පාසැල් උපකරණ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීමේ වැඩසටහන අද දින (2024.06.20 දින) සාර්ථකව සිදුකරන ලදී..
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය මගින් රත්මලාන අන්ධ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අවශ්‍යතා අනුව ඔවුනට අවශ්‍ය කරන උපකරණ සහ ඊයේ දිනය පුරා ආහාර ලබාදීම සිදුකරනු ලැබුවා. දරු දැරියන්ගේ නේවාසිකාගාර සඳහා අවශ්‍ය කරන උපකරණ, ලිපි ද්‍රව්‍ය, ඉගෙන ගැනීමට අවශ්‍ය කරන මයික්‍රෆෝන, පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ඇතුළු අවශ්‍යතාවය පරිදි ඔවුනට අවශ්‍ය කරන උපකරණ පිරිනැමීම සිදුකෙරුණා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය මගින් වාර්ෂිකව විවිධ ස්ථාන සඳහා සිදු කරන පරිත්යාගමාලාවේ මෙවර පරිත්‍යාග සිදු කිරීම සිදුකරනු ලැබුවේ අන්ධ විද්‍යාලය සහ බිහිරි විද්‍යාලය සඳහායි. බෞද්ධ සංගමයේ සභාපතිනි ගීතා රණසිංහ මහත්මිය ඇතුළු බෞද්ධ සංගමයේ සාමාජිකයින් විසින් අන්ධ විද්‍යාලයේ විදුහල්පති නෙළුම්නිකා පෙරේරා මහත්මිය වෙත මෙම භාණ්ඩ ලබාදීම සිදුකෙරුණා. එසේම මෙම දරු දැරියන් පොසොන් පොහොය නිමිත්තෙන් සිදු කරනු ලැබූ භක්ති ගීත ප්‍රසංගය සඳහාද මෙම පිරිස එක්වුණා. මෙම දරු දැරියන් විසින් බොදු බැති ගී මෙහිදී ගායනා කරනු ලැබුවා.
මෙම පුන්‍ය කටයුක්ත සාර්ථක කර ගැනීමට සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් සහ සංගමයේ සාමාජික නොවන සේවක මහත්ම මහත්මීන් මේ සදහා නෙැමසුරු දායක්ත්වයක් ලබාදී ඇති බව පුන්යාණුමෝදනාත්මකව ගෞරවයෙන් සිහිපත් කරමු.
ඔබ සැම ලබාදුන් ආධාර මුදල් වලින් විදුහල් කලමණාකාරීත්වය ඉල්ලා සිටින පරිදි පහත සදහන් පරිත්‍යාග හා උපකරන ලබාදීමට කටයුතු කරන ලදී.
විදුහල් දෙකේම අධ්‍යාපනය ලබන 200 කට ආසන්න දරුවන් සදහා 2024.06.20 වන බ්‍රහස්පතින්දා දින ප්‍රධාන ආහාර වේල් 03 හා තේ පැන් ලබාදීම
External Storage Unit - Pen Drive (Kingston) 256 GB
External Hard (Transcend) 1 TB Unit
Braille Papers - 120GSM & 150GSM - 5 reams
Wooden Towel Racks - 25 Nos.
Studio Microphone
Washing liquid, detergent powder, soaps, tooth pastes, tooth brushes & dishwashing liquid
Mic Stand ඔරුගොඩවත්ත සතේක්ෂණ පර් යන්තයේ (CVT) සේවක නිලධාරීන් විසින් පරිත්‍යාග කරන ලදී
මේ සදහා සහාය දැක්වූ සියලුම සේවක මහත්ම මහත්මීන්ට බෞද්ධ සංගමයේ පුන්‍යාණුමෝදනාත්මක ස්තූතිය පුදකර සිටිමු.
එම අවස්ථාවේදී ගන්න ලද ඡායා රූප පහත පරිදි වේ.
2024 - උත්තම ශ්‍රී සම්බුද්ධ ගී වන්දනා (වෙසක් බැති ගී වැඩසටහන)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබූ "උත්තම ශ්‍රී සම්බුද්ධ ගී වන්දනා - 2024" වෙසක් බැති ගී ප්‍රසංගය, 2024 මැයි මස 28 වන දින දහවල් 12.30 ට, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තුන් වන මහලේදී සාර්ථකව පැවැත්විණ.
2024 - ලේ දන් දීමේ වැඩසටහන
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලැබු ලේ දන් දීමේ කඳවුර 2024 පෙබරවාරි 27 වන දින, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුණේ 8 වන මහලේ පිහිටි ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී. මෙම කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා ලේ දන්දීමට සහභාගී වූ පිංවත් සැමටත්, මෙම අවස්ථාවට සහභාගී වූ මධ්‍යම ලේ බැංකුවේ, නාරාහේන්පිට ශාඛාවේ වෛද්‍ය තුමිය ඇතුලු සෞඛ්‍ය සේවක මණ්ඩලයටත්, බෞද්ධ සංගමයේ සියලුම සාමාජික මහත්ම මහත්මීන්ටත්, Dole Lanka (Pvt) Ltd. ආයතනයටත් සංවිධාන කටයුතු සදහා සහභාගී වෙමින් නන්අයුරින් සහය වූ සේවක මහත්ම මහත්මීන් සැම දෙනාටත් පුන්‍යානුමෝදනාත්මක ස්තුතිය මෙයින් පුදකර සිටිමු.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබු 2023 වසරේ පිලිකා රෝහල් අරමුදලින් පිළිකා රෝගීන්ට ආධාර ලබදීමේ වැඩසටහන අවිස්සාවේල්ල දිස්තික් මහ රෝහලේ (තිලකා ද සිල්වා ජයසේකර සුව පියස) 10.1.2024 දින රෝහලේ පිළිකා වාට්ටුවට නිල වශයෙන් පිරිනැමීමේ අවස්ථාව
ලබාදුන් ආධාර ලැයිස්තුව
ට්‍රොලි මේස (25) -
දම්රෝ වීදුරු දොර කබඩ් (1)
දම්රෝ පොත් රාක්ක (1)
වායු මෙට්ට (1)
වතුර පෙරණ (1)
බඩු ගෙනයන ට්‍රොලි (1)
චීත්ත (10)
සරම් (11)
වැඩිහිටි ඩයපර් පැකට් (8)
Stainless steel භාජන (2)
Partition works
Wall Ceeling fan repairing
LED Ceeling panel lights (3)
Painting work
X කිරණ කාමරයේ වායුසමීකරණ 2ක් සවිකිරීම (2)
සියලුම ආධාරවල මුළු වටිනාකම Rs. 1,247,259.39
ඔබත් කැමතිනම් මෙවැනි පුණ්‍ය කටයුතු සදහා දායක විය හැක. ඒ සදහා කැමැති නම් විමසන්න - 0706 612 712
කඨින මහා පූජෝත්වය - ශ්‍රී තිස්සපුර රජමහා විහාරය, යාය 10, පදවිය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ මගපෙන්වීම මත සිදුකරනු ලැබූ කඨින මහා පිංකම් මාලාවේ අවසාන පිංකම පදවිය , යාය 10 ශ්‍රී තිස්සපුර රජමහා විහාරස්ථානයේදී නොවැම්බර් මස 24 සහ 25 දෙදින තුල සම්ප්‍රදායානුකූලව සිදුකරන ලදී. තුන් මසක වස් වසන කාලසීමාව තුල ගෞරවණීය කිරිංගල සිරිිවිමල ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරදි විහාරස්ථානයේ ඉදිකරමින් පැවති සමාධි බුදුපිළිම වහන්සේගේ, බුද්ධ මන්දිරයේ හා සංඝාවාසයේ සම්පූර්ණයෙන්ම තීන්ත ආලේප කිරීම, පඩිපෙල සකස් කිරීම හා බුදුපිලිම වහන්සේ වටා ආරක්ෂිත අත්වැට සාදා නිම කරන ලදී. නොවැම්බර් මස 24 වන දින චාරිත්‍රානුකූලව කඨින වස්ත්‍ර පූජාව සහ වස් වසන ලද ස්වාමීන් වහන්සේට කඨින චීවරය පූජා කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස වෙනුවෙන් කඨින ආනිසංස ධර්ම දේශනාව සිදුකල අතර 25 වන දින උදෑසන දානමය පිංකම සිදුකරමින් කඨින මහා පූජෝත්සවය සම්පූර්ණ කරන ලදී.
මෙම පිංකම සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම කලාප, හා ගුවන්ගැල් හා මධ්‍යම සත්යක්ෂණ පර්යන්තයන් හි සියලුම සේවක මහත්ම මහත්මීන්ට හා පදවිය, යාය 10 ගම්වාසීන්ට ද මුදලින්, ශ්‍රමයෙන්, බඩු බාහිරාදියෙන් උදව් උපකාර කල සියලුදෙනාටද, එලෙසම නිවාඩු හා ප්‍රවාහන පහසුකම් සලසාදුන් මණ්ඩලීය කලමණාකාරීත්වයට ද නන් අයුරින් සහයෝගය ලබාදුන් පිංවත් ඔබ සැමටද, සිදුකලා වූ අටමහා කුසලයන්ගේ බලයෙන් ඉක්මන් භවයකදීම පතන්නාවූ බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි චිත්තප්‍රීතියෙන් යුතුව පිං අනුමෝදන් කරන්නෙමු.
පිංකමට අදාල පින්තූර පහතින් දැක්වේ.
පදවිය මහසෙන් පුර නව ගම්මානයේ, ශ්‍රී ලංකා ජයග්‍රහණ විහාරස්ථානයේ කථින මහා පිංකම
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෙෘද්ධ සංගමයේ මග පෙන්වීම අනුව පදවිය, මහසෙන් පුර, නව ගම්මානයේ ශ්‍රී ලංකා ජයග්රහන විහාරස්ථානයේ කථින මහා පිංකම 2023 වසරේ අගෝස්තු මස මුල් පොහොය දින වැසි සලු පුජා කිරීමත්, වස් ආරාධනාවත් සමග ආරම්භ කෙරිනි. එදින සිට පුරා මාස 03 ක කාලසීමාවක් බණ්ඩාරවෙල මහින්දසිරි වස් වාසික ස්වාමීන් වහන්සේ උදෙසා සිවුපසින් උපස්ථාන කරමින් විහාරස්ථානයේ අඩුපාඩු වශයෙන් පැවති,
අඩක් නිමකරන ලද සංඝාවාසය සම්පුර්ණ කර වහලය සාදා බිම කොන්ක්‍රීට් අතුරා සඝ සතු කිරීම.
ප්‍රධාන අඩුපාඩුවක්ව පැවති ජල පහසුකම සදහා නළ ළිදක් සාදා සඝ සතු කිරීම.
උපාසක උපාසිකාවන් සදහා වැසිකිලි පද්ධතියක් සැකසීම සහ පුජා කිරීම.
විහාරස්ථ භූමිය තුල විදුලි ආලෝකය ලබාදීම සහ වීථි ලාම්පු දෙකක් සවිකරදීම.
ආදී පිංකම් රැසක් ඉටුකරදීමට ලැබීම අපට ලැබුනු මහත්ථල ආනිසංස ලබාදෙන පිංකමකි. එළඹුනු ඉල් මස 18 වන දින රාත්‍රී 7 ට කැබැතිගොල්ලාව ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශණය පවත්වා සියලුම උපාසක,උපාසිකා මහත්ම මහත්මීන් සදහා රාත්‍රී ආහාරය ලබාදීමද, පසුදින එනම් 19 වන දින හිමිදිරි පාන්දර කථින චීවරය රැගත් පෙරහැර ගම්මානය තුල සංචාරය කිරීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකූලව චාරිත්‍ර වලට අනුකූලව කථින චීවරය මහා සංඝරත්නයට පුජා කිරීම සිදුකරන ලදි.
ඉන් අනතුරුව සංඝයා වහන්සේලා දොලොස් නමක් විශයෙහි අටපිරිකර සහ සෙසු පිරිකර සමගින් හීල් දානමය පිංකම සිදුකර සියලුම පිංවතුන් සදහාද උදේ ආහාරය ලබාදෙන ලදි.
මෙම පිංකම සාර්ථක කරගැනීම සදහා දායකත්වය දැක්වු ආයෝජන ඇගයීම් දෙපාර්තමේන්තුවේ සේවක මහත්ම මහත්මීන්ටද, පදවිය මහසෙන් පුර, නව ගම්මානයේ ගම්වාසීන්ටද, මුදලින්, ශ්‍රමයෙන්, බඩු භාණ්ඩ වලින් හා ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කල ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිපාලන දෙපාර්තමේන්තුව හා පිරිස් දෙපාර්තමේන්තුව ඇතුලු නන් අයුරින් සහයෝගය ලබාදුන් පිංවත් සැමට මෙම අටමහ කුසල කර්මයේ බලයෙන් නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ පිංකම හේතු වාසනා වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
පිංකමට අදාල පින්තූර පහතින් දැක්වේ.
තිස්සපුර විහාරය, පදවිය
යාය 10, තිස්ස පුර පුරාණ විහාරයේ කඨින පිංකම මෙම මස 24 සහ 25 යන දිනවල පැවැත් වීමට කටයුතු කෙරෙමින් පවති. එහි ඉදිවෙමින් පවතින බුද්ධ ප්‍රතිමාවේ පිළිමය වටේ කනු සිටිවීම සහ පඩිපෙළ සදහා අත්වැට සුදු යකඩ බට වලින් නිර්මාණය වන අයුරු පහත ජායාරූප වලින් දැක්වේ.
කඨින චීවර පූජාව 2023 D10 ශ්‍රී බෝධිරුක්කාරාම විහාරය පදවිය
පදවිය, මෛත්‍රීපුර, ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ (D10 විහාරය) කඨින චීවර පූජා පිංකම 2023 නොවැම්බර් මස 11 සහ 12 (සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වලදී ව්‍යාපෘති මෙහෙයුම් , ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් , ව්‍යාපෘති ප්‍රවර්ධන, අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුව, වතුපිටිවල කලාප කාර්යාලය සහ සීතාවක කලාප කාර්යාලය ඇතුලුව සැමගේ දායකත්වයෙන් ඉතා විචිත්‍රවත්ව සිදූ කරන ලදි.
මෙම පුණ්‍ය කර්මය සාර්ථක කරගනිමින් මහත් කුසලයක් රැස්කර ගැනීම සදහා අපට අවස්ථාව සලසාදෙමින් ඒ සදහා උපදෙස් සහ අනුශාසනා කල D10 ශ්‍රී බෝධිරුක්කාරාම විහාරාධිපති පූජ්‍ය මොරවක චන්ද්‍රරත්න ස්වාමීන්වහන්සේටද මෙම අවස්ථාව ලබා දුන් ශ්‍රී ලංකා අුායෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයටද ස්තූති වන්ත වන අතර මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා නොමසුරුව දායකත්වය දැක්වූ ව්‍යාපෘති මෙහෙයුම් , ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් , ව්‍යාපෘති ප්‍රවර්ධන, අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුව, වතුපිටිවල කලාප කාර්යාලය සහ සීතාවක කලාප කාර්යාලය ඇතුලුව දායකත්වය ලබා දූන් සැම දෙනාටම හෘද්‍යාංගම ස්තූතිය පුදකරමු.
පැවති අධික වර්ෂාව මධ්‍යයේ වුවද 2023 නොවැම්බර් මස 11 වන සෙනසුරාදා 7.00 සිට ධර්ම දේශනාව පවත්වා නොවැමබර් මස 12 වන ඉරිදා පෙරහැරින් වැඩම කරන ලද කඨින චීවරය පිලිගන්වා කඨින චීවර පූජාව පවත්වා ඉන් අනතුරුව ස්වාමීන්වහන්සේලා 25 නමක් උදෙසා උදෑසන හීල් දානය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ දී පවත්වා දායක වූ සැමටත් ඔවුනගේ පවුල්වල සැමටත් නිදුක් නිරෝගී සුවපත්හාවයත් මිය ගිය සැමට පිං අනුමෝදනාවත් සිදූකර පිංකම නිමකරන ලදි. මෙම පිංකමට දායකවූ සැමට උතුම් චතුරාය්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! සූවිසි අනන්ත ගුණ බලයෙන් සියලු අපල උපද්‍රව දූරුවී උතුම් නිර්වානය පිණිස මේ පින හේතුවාසනා වේවා!
මෙම පන්සලේ දැනට ඉදිකරමින් පවත්නා විහාරගේ කටයුතු නිම කිරීමට ඉදිරියේදී කටයුතු කරන අතර කඨින පිංකමට පෙර විහාර මන්දිරය වටා කොන්ක්‍රීට් බීම් දැමී ම සිදූකල අතර වහල නිම කිරීමට උත්සහකලද අධික වර්ෂාව නිසා පරාල සදහා ගස් කැපීම පමණක් සිදු කරන ලද අතර පස් පිරවීමට කටයුතු කරමින් ඇත.
ගරු මොරවක චන්ද්‍රරත්න නායක ස්වාමීන්වහන්සේ සහ ගම්වාසීන් විසින් විහාර මන්දිරයේ ඉතිරි වැඩකටයුතු වස් පිංකමින් පසුව සිදූ කරීමට බලාපොරොත්තු වන අතර වැඩ නිමකර නුදූරු දිනෙක අප සැම දෙනාම එය දෑසින් බලා වැදපුදා ගෙන ඒමට බලාපොරොත්තුවන අතර ඒ සදහා ඔබට ආරාධනා කරමු.
දෙමටගිරි ආරණ්‍යයේ කඨින පිංකම සහ සංඝ ආවාසය පූඡා කිරීම
ශ්‍රී ලංකා ආයෝඡන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ මග පෙන්වීමට අනුව දෙමටවැව පිහිටි දෙමටගිරි ආරණ්‍ය සේනාසනයේ කඨින මහා පිංකම 2023 වසරේ අගෝස්තු මස 01 පොහෝ දින වැසිසළු පූඡාවෙන් ආරම්භ විය. එතැන් පටන් පුරා මාස 03 ක කාල සිමාවක් ස්වාමීන් වහන්සේලාගේ සියලුම අවශ්‍යතාවයන් ඉටු කරමින් විශාල අඩුපාඩුවක්ව පැවති ,
සංඝාවාසය කාමර 02 ක්, කුඩා සාලයක් මුළුතැන් ගෙයක් සහ සියලුම උපාංග ඇතුලත් නානකාමරයක් සහ එලියේ වැසිකිලියක්ද සාදා, නව විදුලි සම්බන්ධතාවයද සහිතව නිමකර සතර දිගින් වඩිනා මහා සංඝරත්නයට පූඡා කිරීමට අපට හැකිවිය. එලෙසම මෙම සංඝාවාසයට අවශ්‍ය සියලුම ගරු භාණ්ඩ (ඇදන්, මෙට්ට, කබඩ්, පුටු, නෙට්, විදුලි පංකාවක්. ධර්මාසනයක් මුළුතැන් ගෙයට අවශ්‍ය උපාංග සමහරක්ද ) සහිතව පූඡා කිරීමට ලැබීම අපට ලැබුණු මහත් භාග්‍යයකි.
මෙම සංඝාවාසය පූඡා කිරීම 2023 නොවැම්බර් මස 11වන දින සිදුකල අතර දෙමටගිරි ආරණ්‍යයේ කඨින පූජෝත්සවය නොවැම්බර් මස 12 වන දින සිදුවිය.
මෙම කඨින චීවරය සාම්ප්‍රදානුකූලව සකස් කර පඩුපොවා මහා සංඝරත්නයට පූඡා කිරීම සහ අටපිරිකර සමග සෙසු පිරිකර පූඡා කිරීම කල අතර උදේ දානය සහ දහවල් දානය පූඡා කිරීමද, ගම්වාසීන් ඇතුලු පිංකමට සහභාගී වූ සියලුම පින්වතුන්ට උදේ සහ දහවල් ආහාර ලබා දීමටද අප කටයුතු කලේය. මේ සදහා ගම්වාසීන්ගේද නොමසුරු දායකත්වය අප කණ්ඩායමට ලැබුනි.
මෙම මහගු පින්කම තුලින් ඡනිත වූ සියළුම පිං මේ සදහා මුදලින්, බඩු භාහිර ආදියෙන්, ශ්‍රමයෙන්, ප්‍රවාහන පහසුකම් සැපයීමෙන් සහ වචනයෙන් සහයෝගය දැක්වූ සියලුම පින්වතුන්ටත්, දැක සතුටු වූ සියළුම දෙනාටත් ඔබ කලාසේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. මෙම කුසලය වහ වහා උතුම් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා……….! සාදු….සාදු….සාදු...
කඨින පූජා පිංකම - 2023 - උරෑව, ඕමාරකඩ, මහසෙන්පුර, පදවිය සුදම්ම ආරණ්‍ය සේනාසනය
උරෑව, ඕමාරකඩ, මහසෙන්පුර, පදවිය පිහිටි සුදම්ම ආරණ්‍ය සේනාසනයෙහි කඨින පූජා පිංකම නොවැම්බර් මස 11 සහ 12 යන දිනවලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉංජිනේරු අනුමත කිරීමේ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව බැති සිතින් දැනුම් දෙමු.
දෙමටගිරි ආරණ්‍ය සේනාසනය - කහටගස්දිගිලිය
එළඹෙන කථින පුන්යෝත්සවය නිමිති කරගනිමින් අප බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන්ගේ මුල්‍ය දායකත්වයෙන් දෙමටගිරි ආරණ්‍ය සේනාසනය කහටගස්දිගිලිය විහාරයේ සංඝ අවාසයේ වහල සෙවිලි කිරීමේ කටයුතු අප විසින් බාරගත් අතර එහි සෙවිලි කීරීම සහ එහි ඇතුලත කටයුතු මෙන්ම කපරාරු කිරීම , පින්තාරු කිරීම මේ වනවිට නිම කොට ඇති ආකාරය පහත දිස්වේ.
ඊට අමතරව, අඩුපාඩුවක් ව පැවති වැසිකිලි පද්ධතිය ඉදිකිරීමේදී අභ්‍යන්තරයේ සහ ඉන් පිටත නාන කාමරයක් සහ වැසිකිලියක් සදා දීමටද කටයුතු කරන ලදී.
සුධම්මාරාම ආරණ්‍ය සේනාසනය මහසෙන්පුර, පදවිය විහාරස්ථානයේ කථින පුන්යයෝත්සවය
සුධම්මාරාම ආරණ්‍ය සේනාසනය මහසෙන්පුර, පදවිය විහාරස්ථානයේ කථින පුන්යයෝත්සවය සඳහා පුජා කිරීමට නියමිත කථින චීවරය, 30.10.2023 සහ 31.10.2023 එනම් අද සහ හෙට දැක බලා වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව සලසා දී ඇත. කථින සිවුර, ඉංජිනේරු අනුමත කිරීම් සහ විශේෂ ව්‍යපෘති දෙපාර්තමේන්තුවෙහි (19 මහළ, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙහි) තැන්පත් කර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිං කැමති ඔබ සැමට අෂ්ඨ මහා කුසලකට සම්බන්ධ වී දැක බලා, වැඳ පුදා, පිං රැස් කර ගැනීමට බැති සිතින් ආරාධනා කර සිටිමු.
කඨින පිංකම නොවැම්බර් 11 සහ 12 දෙදින ඕමාරකඩ පදවිය සුදාමාරාම ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වේ.
පදවිය, මහසෙන් පුර, නවගම්මානය - ශ්‍රී ලංකා ජයග්‍රහණ විහාරස්ථානයේ කථින පුන්යයෝත්සවය
පදවිය, මහසෙන් පුර, නවගම්මානයහි ශ්‍රී ලංකා ජයග්‍රහණ විහාරස්ථානයේ කථින පුන්යයෝත්සවය සඳහා පුජා කිරීමට නියමිත කථින චීවරය, පුරා සතියක කාලයක් පුරා දැක බලා වැඳ පුදා ගැනීම සඳහා අවස්ථාව සලසා දී ඇත. 2023.10.30 සිට 2023.11.03 දක්වා කථින සිවුර, ආයෝජන ඇගයීම් දෙපාර්තමේන්තුවෙහි (24 මහළ, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානයෙහි) තැන්පත් කර ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිං කැමති ඔබ සැමට අෂ්ඨ මහා කුසලකට සම්බන්ධ වී දැක බලා, වැඳ පුදා, පිං රැස් කර ගැනීමට බැති සිතින් ආරාධනා කර සිටිමු.
D 10 මයිත්රීපුර පදවිය බෝධ්රුක්කාරමය විහාරය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන්ගේ මුල්‍ය දායකත්වයෙන් පදවිය මයිත්රීපුර D 10 බෝධ්රුක්කාරමය විහරස්ථානයේ නිමකරමින් පවතින බුදුමැදුරේ ඉතිරි කටයුතුවල ජයාරූපයක් පහත දැක්වේ.
තිස්සපුර විහාරය, පදවිය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන්ගේ මුල්‍ය දායකත්වයෙන් පදවිය , යාය 10, තිස්ස පුර පුරාණ විහාරයේ ඉදිවෙමින් පවතින දහඅට රියන් බුද්ධ ප්‍රතිමාවේ තීන්ත ආලේප කිරීම හා ඉතිරි වැඩ කටයුතු යුහුසුළුව නිම වෙමින් පවතී.
තවද, විහාරස්ථානයේ සංඝ අවාසයෙහි හුණු පිරියම් කටයුතු සහ විහාරාධිපතිගේ ඉල්ලීමකට අනුව කුඩා ප්‍රමාණයේ වැවක්ද මීට සමගාමීව ඉදිකරමින් පවතී.
සුධම්මාරාම ආරණ්‍ය සේනාසනය මහසෙන්පුර, පදවිය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන්ගේ මුල්‍ය දායකත්වයෙන් පදවිය, මහසෙන්පුර සුධම්මාරාම ආරණ්‍ය සේනාසනයේ , ඉදිවෙමින් පවතින මුලිකම ගැටලුවක්ව තිබු බෝධි ඝරය සහ වලාකුළු බැම්ම සදා මල් අසනය ඉදිකර, ආවාස ගෙය සහ බණ මඩුව පින්තාරුකර විසදුම් ලබාදිමේ වැඩ නිමවෙමින් පවතින කටයුතුවල ජයාරූපයක් පහත දැක්වේ.
ඉදිවෙමින් පවතින මුලිකම ගැටලුවක්වන බණ මඩුවට රිලවුන් පැමීනීම වලකා ගැනීමට විසදුමක් ලෙස වානේ ග්‍රිල් මගින් ආවරණය කර දීම.
ජයග්රහන ශ්‍රී ලංකා විහාරස්ථානය - මහසෙන්පුර
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන්ගේ මුල්‍ය දායකත්වයෙන් මහසෙන්පුර නවගම්මානයේ ජයග්රහන ශ්‍රී ලංකා විහාරස්ථානයේ වැඩ නිමවෙමින් පවතින කටයුතුවල ජයාරූපයක් පහත දැක්වේ.
මුලිකම ගැටලුවක්ව තිබු පානීය ජල ප්රශ්නය සදහා විසදුම් ලබාදිම
දැනට ඇති සංඝාවාසය පිලිසකර කිරීම.
පවතින විශාල අඩුපාඩුවක් වු වැසිකිලි පද්දතිය ඉදිකිරීම.
ජලපිපාසාව නිමකර සිසිලසින් දෝවනය වන බෝධ්න්වහන්සේ .
වස් ආරාධනාව - තිස්සපුර විහාරය, පදවිය
2023 වර්ෂය සදහා තිස්සපුර විහාරය, පදවිය කඨින චීවර වස් ආරාධනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන් විසින් භාරගන්නා ලදී. දුෂ්කර පන්සල් සදහා වස් ආරාධනාව කිරීම හා වැසි සළුව පූජා කල අතර එම විහාරස්තානයේ ඇති අඩුපාඩු සකසා දීම සදහා කටයුතු කරනු ලැබේ.
වස් ආරාධනාව - සුධම්මාරාම ආරණ්‍ය සේනාසනය මහසෙන්පුර, පදවිය
2023 වර්ෂය සදහා සුධම්මාරාම ආරණ්‍ය සේනාසනය, කඨින චීවර වස් ආරාධනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන් විසින් භාරගන්නා ලදී. දුෂ්කර පන්සල් සදහා වස් ආරාධනාව කිරීම හා වැසි සළුව පූජා කල අතර එම විහාරස්තානයේ ඇති අඩුපාඩු සකසා දීම සදහා කටයුතු කරනු ලැබේ.
වස් ආරාධනාව - D10 බෝධ්රුක්කාරමය විහරස්ථානය - මයිත්රීපුර පදවිය
2023 වර්ෂය සදහා D10 විහාරය, කඨින චීවර වස් ආරාධනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන් විසින් භාරගන්නා ලදී. දුෂ්කර පන්සල් සදහා වස් ආරාධනාව කිරීම හා වැසි සළුව පූජා කල අතර එම විහාරස්තානයේ ඇති අඩුපාඩු සකසා දීම සදහා කටයුතු කරනු ලැබේ.
වස් ආරාධනාව - දෙමටගිරි ආරණ්‍ය සේනාසනය - කහටගස්දිගිලිය
2023 වර්ෂය සදහා දෙමටගිරි ආරණ්‍ය සේනාසනය - කහටගස්දිගිලිය කඨින චීවර වස් ආරාධනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන් විසින් භාරගන්නා ලදී. දුෂ්කර පන්සල් සදහා වස් ආරාධනාව කිරීම හා වැසි සළුව පූජා කල අතර එම විහාරස්තානයේ ඇති අඩුපාඩු සකසා දීම සදහා කටයුතු කරනු ලැබේ.
වස් ආරාධනාව - ජයග්රහන ශ්‍රී ලංකා විහාරය , මහසෙන්පුර
2023 වර්ෂය සදහා ජයග්රහන ශ්‍රී ලංකා විහාරය , මහසෙන්පුර කඨින චීවර වස් ආරාධනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ සේවක මහත්ම මහත්මීන් විසින් භාරගන්නා ලදී. දුෂ්කර පන්සල් සදහා වස් ආරාධනාව කිරීම හා වැසි සළුව පූජා කල අතර එම විහාරස්තානයේ ඇති අඩුපාඩු සකසා දීම සදහා කටයුතු කරනු ලැබේ.
පහත සදහන් වැඩ කටයුතු කර දීමට සදහා වැයවන මුදල සදහන් වේ.