Videos
Videos
වාර්ෂික පිරිත් පිංකම සහ සර්ව ආගමික වැඩසටහන - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අපනයන සැකසුම් කලාපය [වතුපිටිවල (2024)]
රත්මලාන, දෘශ්‍ය ආබාධිත හා ශ්‍රවණ ආබාධිත විදුහල සදහා පරිත්‍යාග කිරීම
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලීය බෞද්ධ සංගමය 2024 පොසොන් පොහොය නිමිති කරගනිමින් 2024.06.20 වන දින රත්මලාන අන්ධ, ගොලු හා බිහිරි පාසලේ 200 කට ආසන්න දරුවන් වෙනුවෙන් ආහාර හා ඔවුනට අවශ්‍ය පාසැල් උපකරණ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් පරිත්‍යාග කිරීමේ වැඩසටහන අද දින (2024.06.20 දින) සාර්ථකව සිදුකරන ලදී..
2024 - උත්තම ශ්‍රී සම්බුද්ධ ගී වන්දනා (වෙසක් බැති ගී වැඩසටහන)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබූ "උත්තම ශ්‍රී සම්බුද්ධ ගී වන්දනා - 2024" වෙසක් බැති ගී ප්‍රසංගය, 2024 මැයි මස 28 වන දින දහවල් 12.30 ට, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තුන් වන මහලේදී වවත්වන ලදී . එහි සම්පුර්ණ වීඩියෝව පහතින්
2024 - ලේ දන් දීමේ වැඩසටහන
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලැබු ලේ දන් දීමේ කඳවුර 2024 පෙබරවාරි 27 වන දින, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුණේ 8 වන මහලේ පිහිටි ආයෝජන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී..
පිලිකා රෝහල් අරමුදලින් පිළිකා රෝගීන්ට ආධාර ලබදීමේ වැඩසටහන - අවිස්සාවේල්ල දිස්තික් මහ රෝහල
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබු 2023 වසරේ පිලිකා රෝහල් අරමුදලින් පිළිකා රෝගීන්ට ආධාර ලබදීමේ වැඩසටහන අවිස්සාවේල්ල දිස්තික් මහ රෝහලේ (තිලකා ද සිල්වා ජයසේකර සුව පියස) 10.1.2024 දින රෝහලේ පිළිකා වාට්ටුවට නිල වශයෙන් පිරිනැමීමේ අවස්ථාව
කඨින චීවර පූජාව 2023 D10 ශ්‍රී බෝධිරුක්කාරාම විහාරය පදවිය
පදවිය, මෛත්‍රීපුර, ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ (D10 විහාරය) කඨින චීවර පූජා පිංකම 2023 නොවැම්බර් මස 11 සහ 12 (සෙනසුරාදා සහ ඉරිදා දිනයන්වලදී ව්‍යාපෘති මෙහෙයුම් , ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම් , ව්‍යාපෘති ප්‍රවර්ධන, අධ්යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුව, වතුපිටිවල කලාප කාර්යාලය සහ සීතාවක කලාප කාර්යාලය ඇතුලුව සැමගේ දායකත්වයෙන් ඉතා විචිත්‍රවත්ව සිදූ කරන ලදි.
කඨින පූජා පිංකම - 2023 - උරෑව, ඕමාරකඩ, මහසෙන්පුර, පදවිය සුදම්ම ආරණ්‍ය සේනාසනය
උරෑව, ඕමාරකඩ, මහසෙන්පුර, පදවිය පිහිටි සුදම්ම ආරණ්‍ය සේනාසනයෙහි කඨින පූජා පිංකම නොවැම්බර් මස 11 සහ 12 යන දිනවලදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඉංජිනේරු අනුමත කිරීමේ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බව බැති සිතින් දැනුම් දෙමු.
මරණය සඳහා කැප වූ කිරිගවයින්ට අභයදානය ලබා දීමේ පිංකම-2023
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිති කරගනිමින්, මරණයට කැප වූ කිරිගවයන් පස් දෙනෙකු මිළදී ගෙන අභයදානය ලබා දීමේ පුන්‍යකර්මය
(MAS Fabric Park , තුල්හිරිය) - ශ්‍රී ධර්මරත්න බෞද්ධ මධ්‍යස්ථාන පරිශ්‍රය
පොසොන් ධර්ම දේශනාව - ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ - 2023.05.31
බෝධියෙන් වට බෝ පතක් සේ - මුල් ගායනය/ සංගීතය - ඩබ්ලිව්.ඩී. අමරදේව - ගී පද - පල්ලේගම හේමරතන හිමි
පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ - මුල් ගායනය: ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් සහ විශාරද නන්දා මාලනිය
පද: චන්ද්‍රරත්න මානවසිංහ ශූරීන්
සංගීතය: ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන්
බුද්ධ රාජ ධම්ම රජ ශාක්‍ය සිංහයාණෝ - මුල් ගායනය: විශාරද නන්දා මාලනිය - සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබූ "උත්තම ශ්‍රී සම්බුද්ධ ගී වන්දනා - 2023" වෙසක් බැති ගී ප්‍රසංගය, 2023 මැයි මස 10 වන දින දහවල් 12.30 ට, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ තුන් වන මහලේදී පැවැත්විණ
On Fenruary 8, 2023, the Buddhist Society held a blood donation session in the World Trade Center (Odditorium of BOI).
Almost 200+ contributors participated, which was an excellent turnout.
The Buddhist society donated a RO Plant in October 2022. The system was erected inside the amunukole temple grounds and was build and fixed at no cost by Sri Lanka Navi.
In this video, the contributions and services provided over time to Sri Lankan humanity by the Buddhist community are contrasted.