කඨින චීවර පූජාව- 2024
කඨින චීවර පූජාව- 2024
වස් කාලය නිමිති කොටගෙන සිදු කරනු ලබන කඨින පිංකම සදහා තෝරාගෙන ඇති අනුරාධපුර, නිකලවත්ත, කටුකැලියාව ශ්‍රි කුඩා බෝධිය සසුන සේනාසනයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බෞද්ධ සංගමයේ නියෝජිතයන් පිරිසක් 2024 අගෝස්තු මස 04 වන දින සංචාරය කරන ලදී .
එම සංචාරයේ දී ලබාගත් කරුණු පහතින් දැක්වේ
1 ශ්‍රි කුඩා බෝධිය සසුන සේනාසනය, අක්කර දෙකක පමන භූමිභාගයක පැතිර පවතින අනුරාධපුර පූජා නගරයේ සිට 6 km ක දුරින් හා අභයගිරි දාගැබ සිට කිලෝමීටරයක් පමණ දුරින් ඉතාමත් නිස්කලංක පරිසරයක පිහිටා ඇත. 2008 දි පමන මෙම භූමිභාගයක මිලදී ගෙන ඇති ඇත්තේ පින්වත් මහත්මයෙකුගේ මුදල් පරිත්යාගයකින්ය.
2. ඇඹිලිපිටිය, කුඩා බෝධිය සසුන සේනාසන වාසී, පුජය බටුවන්දර ආරියවංස සුවාමීන්වහන්සේගේ නායකත්වයන් මෙම සේනාසනය සංවර්ධනය වෙමින් පවතින අතර පුජ්‍ය දෙහිවල සොමවංශ ස්වාමීන් වහන්සේ සේනාසනයෙ වැඩ වාසය කරති.මේ සේනාසනයට අමතරව ඇඹිලිපිටියේ පවත්වාගෙන යන කුඩා බෝධිය සසුන සේනාසනය මෙහෙනින් වහන්සේලාට පමණක් වෙන්කර ඇත. සේනාසන දෙකෙහිම අරමුණු වන්නේ
2.1 පිංවත් අයට මහන දම් පිරීමට වීමට හා මහන දිවියට පැමිණි අයට උපසම්පදා හා විනය කර්මය සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකසාදීම.
2.2 ගිහි පින්වතුන් සදහා භාවනා කිරීමට සහ සිල්සමාදන් වීමට අවස්ථාව සලසා දීම
3. මේ දක්වා සේනාසන පහත දැක්වෙන පරිදි සංවර්ධනය කර ඇත
3.3 අඩක් නිමකළ බුදු ගෙය
3.5 අඩක් වැඩ නිමකළ කුටි දෙක (අප විසින් නිමකිරීමට බලාපොරොත්තු වන්නේ කුටි අංක 1 )
4. අනුරාධපුර පූජා භූමිය වැදපුදා ගැනීමට එහි යන අපගේ සේවක මහත්ම මහත්මීන්ට බෞද්ධ සංගමය දැනුවත් කලහොත් මෙම ස්ථානය දැක බලා ගැනීමටත්, දානය පූජා කිරීමට කැමති මහත්ම මහත්මීන් වෙතොත් දානය පිලියෙල කරගෙන හෝ වියලි ආහාර වශයෙන් පූජා කර ගැනීමට මෙන්ම ධර්ම ශ්‍රවණය සහ ධර්ම සාකච්ජා සදහා අවස්ථාව ද සලසා දිය හැකිය.
5. මුලු සේනාසනයේම භාවනා කුටි පහක් ඉදිකිරිමට සැලසුම් කර ඇති අතර දැනට මෙම සේනාසනයේ භික්ෂූන් වහන්සේලා සදහා භාවනා කුටි 1 ක් ඉදිකර ඇති අතර දෙකක ඉදිකිරීම් කටයුතු නිම කිරීමේ අවශ්‍යතාවය පවති., මෙවර කඨින පිංකමට පෙර ඔබගේ ආධාර උපකාරද ඇතිව ඉන් එක කුටියක වැඩනිමකර දීමට බෞද්ධ සංගමය බලාපොරොත්තු වේ.
මෙම කුටියේ නිම කිරීමට ඇති වැඩ කටයුතු පහත පරිදි වේ.
5.1 කුටියේ පිටුපසට කුඩා ජනේලයක් සවි කිරීම.
5.2 ජනෙල් පියන් 2 ක් සහ දොරවල් 3 ක් සවි කිරීම
5,3 ෆිලර් හා තීන්ත ආලේප කිරීම
5.4 වැසිකිලි වල හා කුටිය පිටුපස කොන්ක්‍රීට් කිරීම, පේමන්ට් එක කපරාරු කිරීම හා සුද මැදීම.
5.5 අවශෝෂක පංකා (Exhaust Fans) දෙකක් සවිකිරීම.
5.6 වයරින් කිරීම.
5.7 මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සදහා වහලයට සහ ජනෙල් වලට දැල් ගැසීම
ස්වාමීන් වහන්සේගේ ප්‍රයෝජනය සදහා අවශ්‍ය ද්‍රව්‍ය
ඇදක්
මෙට්ටයක්
කොට්ටයක් හා ඇද අතිරිලි
මදුරු දැලක්
කුඩා මේසයක් (2’X2’)
පුටුවක්
පා පිස්නාවක්
කුඩා ප්‍රමාණයේ දැව ඇදුම් රැක් එකක්
මෙම කුටියේ ඉදිකිරීම් කටයුතු මෙවර කඨින පිංකමට පෙර (2024 ඔක්තෝබර් 19 ) නිම කර කඨින පිංකම දින සාසනයට පූජා කිරීම සදහා පින් කැමති ඔබට බෞද්ධ සංගමය ආරාධනා කරයි .
6. තවද කුඩා බෝධිය සසුන සේනාසනයේ නායක ස්වාමීන් වහන්සේ වන පුජ්‍ය බටුවන්දර ආරියවංශ ස්වාමීන් වහන්සේ, සමග මෙම ස්ථානයේදී පැවති සාකච්ජාවේදී ස්වාමීන් වහන්සේලාගේ හා බැතිමතුන්ගේ පහසුව සදහා පහත සදහන් දෑ ඉදිකිරිම සුදුසු බව ද අප වෙත දැන්වූ සේක.
6.1 ස්වාමීන් වහන්සේලා සදහා තවත් භාවනා කුටි 2ක්
6.2 බැතිමතුන් සදහා නවාතැන් පහසුකම් සහිත ගොඩනැගිල්ලක්
7. සේවක මහත්ම මහත්මීන්ට සහ අනෙකුත් සියළුම පිංවතුන්ට අටමස්ථාන වන්දනා කරගෙන භාවනා කිරීමට, සිල්සමාදන්වීමට සහ දින කිහිපයක් නැවතී ධර් ම ශ්‍රවණය කර බවුන් වඩා සිත් සතන් නිවා සනසාගැනීමට අවැසි පරිසරයක් නිර්මාණය කර ගැනීමට අවස්ථාව සලසා ගැනීම සදහා සේනාසනය සංවර්ධනය කිරීමට එක්වන මෙන් ඉල්ලා සිටිමු.
8. කඨින දවසේ වැඩසටහන
8.1 සර් ව රාත්රීක පිරිත් සජ්ඣායනය 2024 ඔක්තෝබර් 19 දින සිදු කෙරේ.
8.2 20 වැනි දින උදෑසන 5.30 කඨිනය පූජා කිරීම සිදු කෙරේ.
8.3 අනතුරුව හිල් දනය පිරිනැමීම .
ඔබත් කැමතිනම් මෙවැනි පුණ්‍ය කටයුතු සදහා දායක විය හැක. ඒ සදහා කැමැති නම් විමසන්න - 0706 612 712