කුටි පූජාවේ ආනිශංස


නළකුටි දායක හිමි පෙර නාරද බුදුරජාණන් වහන්සේට බට දඬු වලින් කුටියක් කොට පූජා කළ පිනින් තිස් හතර වතාවක් සක්විති රජ විය. අවසානයේ නිවන් සැප ද ලැබුණා හ.
(නළකුටි දායක ථෙරාපදානය https://pitaka.lk/main?n=47179)

 

නළාගාරික හිමි නාරද බුදුහිමිට බට කිලියක් කොට ඒ මත තෘණ අතුරා පිදූ පිනින් කල්ප දාහතරක් දෙව්ලොව සැප වින්දා. හැත්තෑ හතර වතාවක් සක්විති රජවිය. අවසානයේ සිව්පිළිසිඹියා ලාභීව රහත් වීමට ද ඒ පින උපනිශ්‍රය විය.
(නළාගාරික ථෙරාපදානය https://pitaka.lk/main?n=46445)

 

ආවාසයක් කොට පූජා කිරීම සියල්ල දුන්නා වේ යැ යි කිංද ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
(කිංදද සූත්‍රය  https://pitaka.lk/main?n=211050)

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්
වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු
සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක්
බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන්
වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ
වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා
භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන
තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප
දෙන්නේ වේද? කුමක්
දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන
තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ
මට (මේ) කියාදෙනු මැනවි.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ආහාර දෙන
තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන
තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන
තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ
වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා

නම් වේ. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය
දෙන තැනැත්තේ නම් වේ.”